මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපදෙස් ලබාදී ඇත.
ඉතිරි 3000 ක නිලධාරීන් දෙසැම්බර් මාසයේදී බදවා ගැනීමටත් සැලසුම් කර ඇති බව එම අමාත්‍යංශය පවසයි.
පොලිස් ස්ථානාධීපතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් සදහා ඔන්ලයින් ඔස්සේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ පොලිස් නිලධාරින් සදහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරිමටත් අවධානය යොමුවී ඇති බවය.