පාස්කු ප්රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල ජන රැළියේදී පැවසීය.
එම අවුරුදු පහ මාර ඇතුළත ගොඩක් දේවල් යට ගහන්නත් හංගන්නත් පුළුවන් කම තිබූ බව කී ජනාධිපතිවරයා දැන් මාලිමා ආණ්ඩුව යටතේ අරඹා ඇති පාස්කු විමර්ශන වලින් සාර්ථක ප්රතිඵල අත්පත් වෙමින් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙන්නේ යැයිද කීය.
පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.