” ෆෙරායි ලයිෂන් තියෙන කෙනෙක් එල්බෝඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නේ නැතැයි” හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අදහසක් තිබේදැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසුමකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
රනිල් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත යැයි පළවූ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ පැනය විමසූයේ කොළඹ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු කාර්යාලයේ පැවති තරුණ නීතිවේදීන්ගේ හමුවකින් අනතුරුවයි.
එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීමේ කිසිම අදහසක් තමාට නැතැයි තමා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද දැනුම් දුන්නේයැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
රට බංකොලොත් වූ අවස්ථාවේදී තමා බාර ගත් අභියෝගය සාර්ථකව ඉටුකිරීම පිළිබඳව නිහතමානී සතුටක් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ජනතාව විසින් රටේ වගකීම අලුත් කණ්ඩායමකට පවරා ඇති හෙයින් එම කණ්ඩායම පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු කළ යුතුව තිබෙන්නේ යැයි සඳහන් කළේය.