ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර හමුවක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (28) පැවැත්විණි.
ශ්‍රී ලාංකීය කාන්තාව සහ ඇය මුහුණ දෙන අභියෝග පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කරගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. කාන්තා හා ළමා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.