එල් ටි ටි ඊ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ගිණි අවි ජාවාරම් කරන ලදැයි කියන රැඳවුම් නියෝග මත ප්රශ්න කරන සිවිල් ආරක්ෂක නියාමකවරයාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව තවත් ගිනි අවියක් හා ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ටි 56 ජීව උණ්ඩ 220 ක් ජි පි එම්ජි වර්ගේ ගිණි අවි සඳහා යොදන ජීව උණ්ඩ 01ක්, ගුවන් යානා නාශක අධි සඳහා යොදන ජීව උණ්ඩ 01 ක් හා මෙරට නිෂ්පාදිතබෝර 12 වර්ගයේ ගිනි අවියක්ද සොයාගෙන ඇත.
පොළොන්නරුව කඳවුරට අනුයුක්ත වැලිකන්ද පොලිස් ස්ථානයේ සේවය කළ සැකකරු පදිංචි වැලිකන්ද , රුහුණු කෙත නිවස ආසන්නයේ සුභ සාධක සමිතියට අයත් දිරාපත් වී ඇති ගොඩනැගිල්ලක් තුළ සඟවා තිබූ මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ තොගය සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව සොයා ගැනීමට හැකි වී ඇත.