ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන ” ඔන්ලයින්” ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ආධිකාරීවරයා කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සඳහන් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමග online මාර්ගයෙන් ටිකට් පත් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවය.