ජල ගැලීම් හේතුවෙන් විකල්ප මාර්ගයකින් කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය කළ මගී බස් රථයක් කල්ලාර් හන්දිය වංගුව ගනිද්දී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී පෙරලිමෙන් 14 තුවාල ලබා ඇතැයි සේරනුවර පොලිසිය කියයි .
කල්ලාර් යුද හමුදා කඳවුර ආසන්නයේදී සිදුවූ මෙම අනතුර සැලවීමත් සමග සමඟ සේරුනුවර පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් හා කල්ලාර් යුද හමුදා කඳවුරේ භට කණ්ඩායම් සමග එක්ව බසයේ සිරවී සිටී තුවාලකරුවන් සේරුනුවට රෝහලට ඇතුළත් කිරීමට වහා පියවර ගෙන ඇත.