ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර ඇත.
එමෙන්ම එම පක්ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ. ශිවඥානම් පත් කර තිබේ.
වව්නියාවේදී අද (28) පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණවලට එළැඹුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීනේසන් පවසා සිටියේය.
අදාළ පත්වීම් මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් පමණක් වලංගු බවද හෙතෙම පැවසීය.