මෙරට තරුණයින් සමඟ එක්ව නව මාධ්‍යකරණයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය.
මාධ්‍ය කලාව රටේ සංවර්ධනයට දායක කරගැනීම වෙනුවෙන් අප සියලුම දෙනාට වගකීමක් ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. ලෝකයේ සාම්ප්‍රදායික මාධ්‍යකලාව වෙනස් වී ඇති බවත්, සාම්ප්‍රදායික දේශපාලනයට කුළුගෙඩි පහර එල්ල කළ තරුණ පරම්පරාවකට මෙරට සාම්ප්‍රදායික මාධ්‍ය කලාව වෙනස් කිරීම අපහසු නොවන බවත්, ඔහු ප්‍රකාශ කළේය.
ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජනතාවාදී මාධ්‍යකරණයක් වෙනුවෙන් ද මැදිහත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ඊයේ (22) පැවති චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ පනස්වෙනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ සමරු කාසි ග්‍රැෆික් නිර්මාණ තිළිණ ප්‍රදානෝත්සවයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.