නිසි මිල පාලනයකින් යුතුව සහල් අලෙවි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සහල් අලෙවි කරන වෙළෙදුන් වෙත අද උපදෙස් දී ඇත.ඒ අද ඔවුන් සමග පැවැති සාකච්ඡාවකදීය.ඒ අනුව සහල් අලෙවි කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මිල ගණන් ඉදිරිපත් කර තිබේ. නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි.
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි. මෙම මිල ගණන් යටතේ සහල් අලෙවිය සම්බන්ධයෙන් ඉදිරි දින 10ක කාලය අවධානය යොමු කරන බවත් එසේ නොකරන සහල් මෝල් හිමියන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleලීටරයෙන් අරක්කු එයි
Next Article සතොසෙන් සතියකට පොල් ලක්ෂ හතක්