පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරනු ලබන සියලු පක්ෂ සහ මන්ත්‍රීවරුන් පූර්ණ එකඟතාවයකින් යුතුව ඉදිරි කටයුතු කරගෙන යෑමට සාකච්ඡා පවත්වා ඇත.
ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ විපක්ෂ නායක ලේකම්වරයා විසින් අදාළ සාකච්ඡා පැවැත්වීම ආරම්භ කර තිබිණි.
ඉන් අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරුන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ද සාකච්ඡා පැවැත්වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.
ඉදිරියේදී පාර්ලිමේන්තු කාරක සභාවන්හි විපක්ෂ සහභාගිත්වය වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ද විපක්ෂය කථානායක අශෝක රංවල මහතා සමග ද සාකච්ඡා පවත්වා ඇත.