ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.
ඊයේ (25) අලුයම් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, වෙහෙරගොඩැල්ල, වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකි.
දෙපාර්ශවයක් අතර පැවති අමනාපයක් මත ඝාතනය සිදුව ඇති අතර මරණකරු නිවසේ සිටියදී තියුණු ආයුධ අතැතිව පැමිණි පිරිසක් නිවසට ඇතුළු වී මරණකරු සමග සිටි පිරිස සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනය සිදුකර මෙම ඝාතනය සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අපරාධය සඳහා භාවිතා කළ කඩු 02ක් සහ මන්නා පිහියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 36 වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
ග්රෑන්ඩ්පාස් පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.