වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අදහසකට අනුව මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය පවසයි.
2020 වසරේදී අවසන් වරට ක්‍රියාත්මක කළ අමාත්‍යාංශයේ මහජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.
සෑම සඳුදා දිනකම උදෑසන 9 සිට දහවල් 1 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ජනතාවට තම ගැටළු විසඳා ගැනීම සඳහා විෂය බාර අමාත්‍යවරයා , අමාත්‍යාංශ ලේකම් ඇතුළු අනෙකුත් නිලධාරීන් හමුවීමේ අවස්ථාව හිමිවන බව අමාත්‍යාංශය පවසයි.
අද පැවැත්වූ මහජන දිනය සඳහා ක්ෂුද්‍ර පරිමාණ – සුළු පරිමාණ – මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ගැටලු වලට විසඳුම් සොයා පැමිණි බවද අමාත්‍යංශය කියයි.