රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත් කළ උදය ආර්.සෙනෙවිරත්න විශේෂඥ කමිටුවෙහි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතාද සාමාජිකත්වය දැරූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී ඊයේ (29) පැවසීය.
රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත්කොට අදාල වැටුප් වැඩි කළේ අදාළ නිලධාරීන් සියලුම දෙනා සමග සාකච්ඡා කොට කැබිනට් අනුමැතිය ලබාගෙන විධිමත් අයුරින් බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීමට අදාළ කැබිනට් තීරණය සහ අමාත්‍ය මණ්ඩල සංදේශය ද උදය ආර්.සෙනවිරත්න කමිටුව පත් කිරීම පිළිබඳ ලේඛනය ද මාධ්‍යයට නිකුත් කළේය.
රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ලබා දීමට ආණ්ඩුවට හොඳටම හැකියාව තිබෙන බව බව කී හිටපු ජනාධිපතිවරයා වහාම අදාළ වැටුප් වැඩි වීම ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කර සිටින බව කීය .
කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීම සඳහා නිලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බවට අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය පවසා තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරියට ව්‍යවස්ථාව ගැන ඉගෙන ගැනීමට අවශ්‍ය නම් තමාට එම ඉගැන්වීම කළ හැකි බව සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබා ගත් මාලිමාව දැන් රාජ්‍ය සේවකයන්ට ටටා කියමින් සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ අයිතිය රකින්නට එදා සිටි මාලිමාවේ වෘත්තිය සමිති දැන් කොහෙදැයි ප්‍රශ්න කළේය.
රාජ්‍ය සේවකයන්ගේ අයිතිය රැකීම වෙනුවෙන් තමා ඇතුළු කණ්ඩායම දිගින් දිගටම සටන් කරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.