කෙසේ හෝ පාර්ලිමේන්තුවට පැමිණීම තමන්ගේ එකම අභිප්‍රාය කරගත් අවස්ථාවාදී පිරිස් කිසිදු ප්‍රතිපත්ති රාමුවක් නැතිව විවිධ සන්ධාන ගොඩනඟමින් ඇති බවත් මේ රටේ ජනතාව එවැනි සන්ධානවලට නොරැවටෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (4දා) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිශ්චිත වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්ති මාලාවක් යටතේ එළැඹෙන මහ මැතිවරණයට අභිමානයෙන් යුතුව මුහුණ දෙන බවත් ඊට අවශ්‍ය ශක්තිය තම පක්ෂය සහ ක්‍රියාකාරීන් සතුව තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කවුරුන් හෝ සමග සන්ධානගත වන්නේ නම් එසේ වන්නේ නිශ්චිත ප්‍රතිපත්තිමය එකඟතාවයක් මත පමණක් යැයිද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කීවේය.
ඉදිරි මහ මැතිවරණයට අදාළව පොදුජන පෙරමුණේ නාම යෝජනා සැකසීමේ කටයුතු මේ වනවිට යුහුසුළුව සිදු කෙරෙන බවද කාන්තාවන්ට සහ තරුණයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
පොදුජන පෙරමුණට පිටුපා වෙනත් පාර්ශ්වයන් සමග ගිය මන්ත්‍රීවරුන්ට ජනපදනමක් නැති බව ඉදිරි මහ මැතිවරණ ප්‍රතිඵල අනුව සනාථ වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.