විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව තීරණයක් ගෙන ඇති බවත් ඔවුන් අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ලබාදුන් වරමට තමන් ගරු කරන බවත්ය.
තමන් අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බවත් මේ අවස්ථාවේදී රට මෙහෙයවීම පහසු කාර්යයක් නොවන බවත් ඔහු පවසයි.