ඇහැලේපොල වලව්ව මහනුවර ශ්රී දළදා මාලිගාවට පැවරීමට අදාළ විශේෂ නිදහස් දීමනා පත්රය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් දියවඩන නිළමේවරයා වෙත භාර දුන්නේය.
මහනුවර ඓතිහාසික ශ්රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්ර ගරුකරමින් විචිත්රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබූ අවස්තාවේදි මෙම නිදහස් දිමනා පත්රයද දළදා මාලිගාව වෙත ලබාදුන්නේය.