අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය කියයි. වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා තවත් කාන්තාවන් දෙදෙනකුට වෙඩි තබා මරා දමා ඇතැයි තහවුරු නොවූ පුවත් පවසයි.
අද අලුයම 2.00 ට පමන මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. මෙසේ ඝාතනය කර ඇත්තේ මොණරාගල කරාඩුගල පොලිසියේ සේවය කරන කොස්තාපල් වරයෙකි.
වෙඩි තැබීමේ සිද්ධියෙන් පැයකය පමන පසුව වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා වෙඩි තබාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය කාන්තාවන් දෙදෙනා ගැන අද අලුයම වන තෙක් තොරතුරු වාර්තා වී නොමැත.