රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මේසයක් මත දමා ගොස් තිබූ රුපියල් ලක්ෂයක මුදලක් හිමිකාරියට බාරදීමට ආරක්ෂක නිලධාරීයා ඇතුළු නිලධාරීන් ක්රියාකරනු ලැබීය.
බලපත්රයක් අලුත් කිරීම සඳහා ඉඩමක් උගස් කර ලබාගත් මුදල් රැගෙන පැමිණ ඇති අදාළ හිමිකාරිය සිදුවු අකරතැබ්බය ගැන මෙලෙස පැවසීය.
“මම දන්නේ නෑ කොහොම වැටුණ ද කියලා. මම ගිනි අරන් හිටියේ. මට පෙෂර් එකත් තියෙනවා. ඒක ලැබුණා මට මේ සංස්ථාවේ ඉන්න සර්ලාගේ හොඳකම නිසා. මේ අයට දීර්ඝ ආයුෂ ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.”