ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය
එහෙත් ඉදිරි ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක්දැයි පිළිබඳව පක්ෂය තවම ත් අවසාන තීරණයකට පැමිණ නැතැයිද ලේකම්වරයා කීය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලුම ප්‍රශ්න අවසන් කරගෙන ඇති බව පැවසූ ලේකම්වරයා ගම් මට්ටමේ සිට පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වෙමින් සිටින බවද පැවසීය
මේ වන විට නොයෙකුත් සන්ධාන බිහිවෙමින් තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛව විශාලම සන්ධානය ගොඩනගාගෙන ඇතැයි කී දිසානායක මහතා විශාලම සන්ධාන බිහිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීර්ඝ ඉතිහාසයක් ඇති හෙයින් එය අලුත් දෙයක් නොවන බවද කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර ඇති අතර එහි වැඩ බලන සභාපති වැඩ බලන ලේකම් සඳහා මේ වන විට අධිකරණය මගින් දිගින් දිගටම වාරණ නියෝග ය පනවා ඇතැයිද කීය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා නව නිලධාරි මණ්ඩලයක් පත්කරගෙන ඇති බවත් ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා කටයුතු කරන බවත් ඔහු කීය.
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථනයේ ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ලේකම්වරයා මෙම අදහස් දැක්වූ අතර පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ය ලසන්ත අලි ගෙවන්න මහතා ද අදහස් දැක්වීය