දෙමළ ජනතාවගේ ප්රශ්න විසඳන බව පවසමින් බොහෝ ජනාධිපතිවරු ධූරයට පැමිණියද එම කිසිවකු ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කළේ නැතැයි ද ආර්ථික අර්බුදයක් හමුවේ වුවද ජනාධිපති උතුරේ ජනතාවගේ බොහෝ ප්රශ්නවලට විසදුම් ලබාදීමට කටයුතු කර තිබෙන්නේ යැයිද ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කුලසිංහම් තිලීපන් මහතා පැවසීය.
මීට වසර දෙකකට පෙර රටේ වගකීම බාර ගැනීමට බිය වූ පිරිස් අද ජනාධිපතිවරයාගේ සංවර්ධන වැඩපිළිවෙළට බිය වී විවිධ චෝදනා එල්ල කරමින් සිටින බවද තිලීපන් පෙන්වා දුන්නේය.
තිලීපන් මහතා මේ බව කීවෙි “උරුමය” වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම දිස්ත්රික්කවල ජනතාවට සින්නක්කර ඔප්පු ප්රදානය වෙනුවෙන් වව්නියාව මෝජෝ උත්සව ශාලාවේ පැවති වැඩසටහනකදීය.
සියලු දෙනා එකතු වී රනිල් වික්රමසිංහ නැවත ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බවද තිලීපන් මහතා කීය.