බලන්ගොඩ කල්තොට ප්රදේශයේ දී වලවේ ගඟේ ගිලි පුද්ගලයකු ඊයේ (25) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කුරැවිට ප්රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවැසීය.
මොහු තවත් පිරිසක් සමඟ වන්දනා චාරිකාවක පැමිණ කල්තොට ප්රදේශයේ වලවේ ගඟේ දිය නෑමට ගොස් මෙලෙස දියේ ගිලි මියගොස් ඇත.
සිද්ධිය සම්බන්දයෙන් කල්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.