බදුල්ල කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නයේ ඉකුත් 21 වන දින ඇති වූ නායයෑම් තත්ත්වය පිළිබදව වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
එම උපදෙස් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ සහ විද්‍යාඥයින් පිරිසකගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට නියමිතය.
නායයාම් තත්ත්වයෙන් ඇතිවිය හැකි අවධානම වළක්වා ගැනීමට සහ අවශ්‍ය පියවර කඩිනම් සිදුකිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදුන් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.