ඇල්පිටිය – අවිත්තාව ප්රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
ත්රිරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් මියගොස් ඇත්තේ 68 හැවිරිදි ත්රිරෝද රථ රියදුරු සහ ඔහුගේ 10 හැවිරිදි මුණුපුරා සහ සත් හැවිරිදි මිණිපිරිය බව සඳහන්ය.
ත්රිරෝද රථයේ ගමන් ගත් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඔහුගේ දියණිය සහ 18 හැවිරිදි මිණිපිරිය තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.