ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ කටයුතු අවසන් කර ඒ පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
එහි දී අස්වැසුම මඟින් ලබාදුන් මුදල් ඔවුන් විසින් කුමන කටයුත්තක් සඳහා වියදම් කලා ද ? යන්න සහ ඉදිරියේ දී සවිබල ගැන්වීමේ වැඩසටහනකට කෙතෙක් දුරට සහයෝගය ලබා දෙනවා ද ?යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව ශෙහාන් සේමසිංහ මහතා කීය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්රගතියෙන් තහවුරු වන බැවින් ඔහුගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මේ වන විට ලබා ඇති ප්‍රගතිය හමුවේ ඕනෑම අයෙකුට රට පාලනය කළ හැකි බව ඇතැමුන් විශ්වාස කිරීමට පෙළඹී ඇතත් එය නිවැරදි නොවන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.