ඉන්ධන මිල සූත්රයට අනුව ඊයේ දිනයේ ඉන්ධන වර්ග තුනක් මිල පහත දැමූ බව ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේන් 95 සුපිරි ප්රෙට්රල් ලීටරයක් රුපියල් හතකින් අඩු කරන බවත් නව ලීටරයක මිල රුපියල් 440කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහත දමන අතර එහි නව මිල 386කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12 කින් පහත දමන අතර එහි නව මිල රුපියල් 245කි.
ප්රෙට්රල් ඔක්ටේන් 92 සහ ඩීසල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.