ළදරුවන් ගැබිණි කාන්තාවන් මව්වරුන්, 41 ලක්ෂයක් පාසල් සිසුන් මෙන්ම තරුණයන් තුළ ද මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වී ඇති බවත් එය මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නියෝජිතයින් සමග කොළඹදී ඊයේ (20) පැවති හමුවකදී ප්‍රකාශ කළේය.
මේ සඳහා පවතින දුප්පත්කම තුරන් කිරීමේ සමාජ ආරක්ෂණ වැඩසටහන් ප්‍රමාණවත් නොවන බැවින් ජනසවිය වැඩසටහනේ ආකෘතිය ගත් නව සමාජ ආරක්ෂණ වැඩසටහනක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්රමුඛ නියෝජිතයන් පිරිසක් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විපක්ෂයේ නියෝජිතයින් අතර හමුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දී පැවැත්විණ.
එහි දී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කළේය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න, චන්දිම වීරක්කොඩි, වේලුකුමාර, හර්ෂණ රාජකරුණ, ආචාර්ය නාලක ගොඩහේවායන යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.