මාර්තු මස ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීමෙන් පසු ඕනෑම ඉන්දියානුවකුට රැකියාවකට සහ වෙළඳාමකට ශ්රී ලංකාවට නිදහසේ පැමිණිය හැකි බවත් කලක් ගත වූ පසු ශ්රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරීයාම සහ ශ්රී ලාංකිකයන් මෙරට සුළුතරය බවට පත්වීම නොවැළැක්විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසීය.
ශ්රී ලංකාවට එතැන් සිට ස්වෛරීත්වය අහිමි වන බවත් රට ආර්ථිකමය වශයෙන් ‘හතරගාතයෙන්’ වැටුණු මේ මොහොතේ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා රටේ ස්වෛරීත්වය බිල්ලට දීම කරමින් සිටින බවත් දිනේෂ් ගුණවර්ධනලා සහ රාජපක්ෂලා එම පාපතර මෙහෙයුමට ”පහන” අල්ලන බවත් වීරවංශ මහතා කීය.
කඩුවෙල කොස්වත්තේදී ‘9න් පසුව, ශ්රී ලංකාවේ ඉරණම’ මැයෙන් පැවති ජන හමුවක් අමතමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය.