ජනාධිපතිවරණයට අද ඇඳුම් මහගෙන ඉන්න අය එදා පාර්ලිමේන්තුවේ හිටියත් කිසිම කෙනෙක් වගකීම බාරගත්තේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජනපති බය නැතුව ඔහුගේ අත්දැකීම් සමඟ රට ඉදිරියට ගෙන ගොස් දැන් වැල් පාලමේ යම්තාක් දුරකට රට එගොඩ කරගෙන තිබෙන බව කී කාරියවසම් මහතා අවුරුදු එකහමාරක් ඇතුළත ජනාධිපතිවරයා මේ වික්රමය කර තිබෙන බව සඳහන් කළේය.
අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කීවේ කෑගල්ල දිස්ත්රික් සම්මේලනය අමතමිනි.
දැන් තියෙන්නේ දේශපාලන ප්රශ්නයක් නොව ආර්ථික ප්රශ්නයක් බව කී කාරියවසම් මහතා දේශපාලන ප්රශ්න විසඳන්න නම් රටේ නායකයන් ඕන තරම් සිටින බවත් ආර්ථික ප්රශ්න වලට විසඳුම් තියෙන්නේ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා සතුව පමණක් බවත් සඳහන් කළේය.