ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (19) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 72 ක පහසු ජයක් ලැබූහ.
ඒ අනුව ශ්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද ලැබීය. ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානු පිල ඕවර 17 කදී ලකුණු 115 කට සීමාවිය.
ඇන්ජලෝ මැතිව්ස් සහ බිනුර ප්‍රනාන්දු දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඇෆ්ගනිස්තාන් ඉදිරි පෙළ ප්‍රබල පිතිකරුවන් දවාගැනීමෙන් ජයග්‍රහණය පහසු විය.
ඇන්ජලෝ මැතිව්ස් තුන් ඉරියව් දස්කම් දැක්වමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 187 (පැතුම් නිස්සංක 25, කුසල් මෙන්ඩිස් 23, ධනංජය ද සිල්වා 14, සදීර සමරවික්‍රම 51, වනිඳු හසරංග 22, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 42, අස්මතුල්ලා ඔමල්ෂායි 40/2, මොහොමඩ් නබී 25/2) ඇෆ්ගනිස්තාන් පිල ඕවර 17 කදී සියලු දෙනා දැවී 115 (මොහොමඩ් නබී 27, කරීම් ජනට් 28, ඇන්ජලෝ මැතිව්ස් 9/2, බිනුර ප්‍රනාන්දු 18/2, වනිඳු හසරංග 19/2, මතීෂ පතිරණ 22/2)