වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය ඌරගස්මංහන්දිය පොලිසියේ කොස්තාපල්වරයකු එම වරෙන්තුකරු යම් කිසි ආයුධයකින් පහරදී ඇතැයි කියන සිද්ධියකින් හිසට හා උදරය ප්රදේශයට තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
වරෙන්තුකරුද එම ආයුධයෙන්ම තුවාල ලබා බලපිටිය රෝහලටම ඇතුලත් කර ඇතැයිද පොලිසිය කියයි.
ඌරගස්මංහන්දිය අටේ කණුව ප්රදේශයේ දී ඊයේ (17)සවස හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි 25 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනකු ගිය අවස්තාවේ මෙම ප්රහාරය සිදුව තිබේ.
පොලිස් නිලධාරීන් දෙදෙනා වරෙන්තුකරු අල්ලාගත් විට ඔහු අතේ පැළඳගෙන සිටි බව කියන යම් කුඩා ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයාට පහර කීපයක් එල්ල කර පොලිස් නිලධාරීන් දෙදෙනා සමග පොරබදා පලාගොස් ඇතැයි පැවසේ.