කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ තොටුපළ අසලද දිය නාමින් සිටියදී කිඹුලකු ඩැහැගෙන ගිය එකොලොස් හැවිරිදි දරුවාගේ සිරුර ඊයේ (17) රාත්රීයේදී හමුවූ බව කඩුවෙල පොලිසිය පවසයි.
අදාල සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 100ක් පමණ අඹතලේ දෙසට වන්නට තිබී දරුවාගේ සිරුර හමුවූ බවත් සිරුරේ කිසිදු කොටසක් අඩුව ඇති බවට සලකුණක් නොතිබූ බවත් කිඹුලාගේ දත් පහරවල් කිහිපයක් ශරීරයේ තැනින් තැන තිබූ බවත් දැක ගන්නට හැකි වූ බව කඩුවෙල පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.
අදාළ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට නියමිත බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මෙලෙස මරණයට පත්ව තිබුණේ කඩුවෙල වැලවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචිව සිටි දිස්න ප්රමෝද් පෙරේරා නැමති 11 හැවිරිදි පාසල් සිසුවෙකි.