රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපොළ සොරාගැනීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස නිලධාරීන් සමත්ව තිබේ.
ඊයේ (16) දින උදෑසන සීදුව පොලිස් වසමේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ගල්කිස්ස පොලිස් කොට්ඨාස නිලධාරීන් විසින් 34 හැවිරිදි නව නගරය, ඇඹිලිපිටිය යන ලිපිනයේ පදිංචිකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගල්කිස්ස පොලිස් වසමේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 20ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීම, දෙහිවල පොලිස් වසමේ අල්විස් පෙදෙස හා ඉන්වැන්ඩර්ඩ් ප්‍රදේශවල පිහිටි නිවාස 2ක් බිඳ මුදල් රුපියල් 12,000ක් හා පවුම් 6 හමාරක් බර රන් භාණ්ඩ සොරකම් කිරීම, බම්බලපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ තිබූ රුපියල් 4,000ක් හා එහි තිබූ ATM කාඩ් දෙකක් රැගෙන ගොස් මුදල් රු 646,000ක් සොරා ගැනීම යන අපරාධ සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.
එමෙන්ම මෙම සැකකරුට එරෙහිව කොල්ලුපිටිය පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පවරා ඇති නඩුවලට අදාළව වරෙන්තු 5ක් නිකුත් කර ඇති බව ද අනාවරණය වී ඇත.
සැකකරුගේ ප්‍රකාශ මත උණු කරන ලද ග්‍රෑම් 65වයි මිලිග්‍රෑම් 418ක් බර රන් කැබලි කිහිපයක්, පවුම් 8යි මිලිග්‍රෑම් 440ක් බර රන් මුදු 2ක්, මැණික් ගලක්, දියමන්ති 24ක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.