සිම්බාබ්වේට එරෙහිව අද (6) පැවැත්වෙන පළමු එක්දින ක්රිකට් තරගයේදී ශ්රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්රීඩා කිරීමට නියමිතව සිටි පැතුම් නිස්සංක උණ රෝගයෙන් පෙළීම නිසා තරගය අහිමිවන වේ.
ශ්රී ලංකා ක්රිකට් පිලේ කළමනාකරු මහින්ද හලන්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ පැතුම්ට ‘ඩෙංගු’ උණ වැළදී ඇති බවට සැක කරන බවත් පැතුම් මේ වන විට කොළඹ ප්රධාන පෞද්ගලික රෝහලකට යොමුකර ඇති බවත්ය.