සහල් සහ බඩඉරිඟු පිටරටින් ආනයනය කර රටේ කෘෂිකර්මාන්තය විනාශ කර දැමීමට ආණ්ඩුව උත්සහ කරන්නේ යැයි සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවැසීය.
සීනි බද්ද අඩු කර තම ගජ මිතුරන්ට සහන ලබාදීමට සීනි ආනයනය සිදු කළ ආකාරයට ආණ්ඩුව හාල් සඳහා අයකළ රුපියල් 68 බද්ද රුපියලට බස්සා හාල් ආනයනයට කටයුතු කරන බවත් බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
ආණ්ඩුව බාල බෙහෙත් ආනයනය කළා මෙන් බාල හාල් ආනයනයට සුදානම් වන බව මෙම තීරණයෙන් පැහැදිලි වන බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
වී අස්වැන්න හොදින් ලැබෙන කාලයක හාල් ටොන් ලක්ෂ ගණනක් පිටරටින් ගෙන්න ආණ්ඩුව කටයුතු කරන බවත් මේ හෛ්තුවෙන් වී විකුණා ගැනීමට නොහැකිව රටේ ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත් වනු ඇති බවත් මහලේකම්වරයා පැවසීය.