සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතා එම සංවිධායක ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්විටුවීමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පැවසීය.
පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද (22) පැවැත්වෙන මෙම තීරණය ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
අමිත බණ්ඩාර මහතා මත්ද්‍රව්‍ය වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් පක්ෂය මෙම පියවර ගත් බවත් ඔහු තවදුරටත් කීවේය.