ලබන වසරේ එළඹෙන සංචාරක සමයත් සමඟ සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නෞකා කොට්ඨාශය පවසයි.
ඉදිරි වසරවලදී සුඛෝපභෝගී නෞකා විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට පැමිණීම සඳහා ගිවිසුම් ගත වී ඇති බවත් එම මගී නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා දැනට තිබෙන පැරණි මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු සඳහා බණ්ඩාරණායක ජැටිය යොදා ගන්නා බවත් එම ස්ථානයේ පිහිටි ගබඩා වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මීටර 350 ක් දිගින් යුතු විශාල නෞකා 3ක් සඳහා එකවර මෙහෙයුම් කටයුතු සහ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් දීමටත් බණ්ඩාරණායක තටාකයේ සංවර්ධන කටයුතු කරන තෙක් පැරණි මගී පර්යන්තය තුළ සහ ඒ අසල සංචාරකයින්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් දීමටත්, අවන්හල් සහ වෙළෙඳ භාණ්ඩ අළෙවිසැල් පවත්වාගෙන යාමටත්, අවශ්‍ය පහසුකම් සැපයීමට වරාය අධිකාරිය ක්ෂණික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Previous Articleකතරගම චූටි කපුරාලට ඇප
Next Article වැස්සෙන් පුද්ගලයින් 10968 ක් පීඩාවට