ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
එහි මූලික පියවර ලබන වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා 2024 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (18) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඩිජිටල් ආර්ථිකය ලංකාවේ ප්‍රචලිත කිරීමට ලබන වසරේදී ජාත්‍යන්තර ආයෝජන වැඩමුළුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියන දෙකකට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එහි ප්රතිලාභ 2025 වන විට ලාංකේය ජනතාවට භුක්තිවිඳීමට හැකිවනු ඇති බවත් පෙන්වා දුන්නේය.