මුදල් නොමැති ගිණුමකින් චෙක්පතක් ලබාදී රුපියල් ලක්ෂ අසූවක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ නියම කළේය.
වාහනයක් සම්බන්ධ ගනුදෙනුවකදී රුපියල් මිලියන අටක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහි චෝදනා ගොනුකර ඇති ආකාරය අනුව නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට කරුණු අනාවරණය වීමෙන් පසු විත්තිකාරිය නිදහස් කිරීමට විනිසුරුවරයා තීන්දු කළේය.
2010 වසරේ මාතර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන අටක් වටිනා වාහනයක් ලබගෙන මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී වංචා කළ බවට විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබිණි.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාරියට එරෙහි චෝදනා ගොනුකර ඇති ආකාරය අනුව මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකාරිය නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.