මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි වසරේදී පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සුදානමින් සිටින බවද අමාත්‍යවරයා කීය.
ලබන වසරේ මුල් කාර්තුව වනවිට විදුලි බිලෙහි අඩු වීමක් සිදුවිය හැකි බවට අපේක්ෂා කරන බවද රණතුංග මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.