කුමන්ත්රණ වලින් අරගල වලින් බය කර පොහොට්ටුව වට්ටන්න බැරි බව හම්බන්තොට දිස්ත්රික් මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ද නාමල් රාජපක්ෂ මහතා කීය .
පොදුජන පෙරමුණේ තංගල්ල කාර්යාලයේ පැවති උත්සවයකදී මන්ත්රීවරයා මේ බව කීය.
පක්ෂය නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගා රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් කරන බව කී නාමල් රාජපක්ෂ මහතා ඊට එක් වන්නැයි ශ්රි ලංකාවාසී සියලු ප්රගතශීලී පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී දෙසැම්බර් මස 15 දා පස්වරු 1ට පැවැත්වෙන අතර ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් පැමිණිමට නියමිත බවද නාමල් රාජපක්ෂ මහතා කීය.