ගම් මට්ටමින් පාසල් ක්රිකට් නැංවීම සඳහා ක්රිකට් ආයතනය සතුව ඇති චෝදනා ලත් මුදල් යොදවා ගන්නේ නැතිව තවත් බදු ගසා මුදල් වෙන් කළේ කුමට දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ක්රිකට් සංවර්ධනය සඳහා අයවැයෙන් බිලියන 1.5ක මුදලක් වෙන් කර ඇති බව කී අත්තනායක මහතා කළ යුතුව තිබුණේ ජනතාව මත තවත් බදු පටවන්නේ නැතිව ක්රිකට් ආයතනය සතු මුදල් ලබාගෙන අදාල කාර්යයන් සඳහා යොදා ගැනීම බව සඳහන් කළේය.
මෙය එහෙම්පිටින්ම ජනතාව ගොනාට ඇන්දු අයවැයක් බව කී අත්තනායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරද්දීවත් කලින් අයවැයේ ප්රගතිය සමාලෝචනය කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.