2024 අයවැයෙන් රජය විසින් ඓතිහාසික තීන්දුවක් ගෙන ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අද (13) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය එම අදහස් පළ කළේය.
“විශේෂයෙන් අපි මේ අවස්ථාවේ දී බොහෝම සන්තෝෂ වෙනවා. ඉතාම ඵලදායි රටේ ආර්ථිකය නැගිට්ටවන අයවැයක්. ඓතිහාසික තීන්දුවක් තියෙනවා. උඩරට ජනතාවට මුඩුබිම් පනතින් සිද්ධවෙච්ච අසාධාරණය නිවැරදි කරලා ඒ අයට ඉඩම් ඔප්පු ලබාදෙන්න. ඒ වගේම රටේ ආර්ථිකය හැම අංශයකින්ම ඉහළට ගන්න පුළුවන් බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ඉතා හොඳ අයවැයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්.”