ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සීනි බදු වංචාවේ පාඩුව පියවා ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.
මෙම සීනි මාෆියාවේ කොටස්කරුවන් වන ගජමිතුරන් සුරුකීමට රජය කටයුතු කර ඇති බවත් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ මැදිරිගිරිය ලංකාපුර මහා විද්‍යාලයට සුහුරු පන්තිකාමරය ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.
මෙවැනි වංචාවලට ඉඩ දී ඇත්තේ අනාගතයේ එන මැතිවරණ සඳහා වාසි ලබා ගැනීමටදැයි සැකයක් මතුවන බවත් විපක්ෂනායකවරයා කීවේය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleරුසියානුවන්ගේ කාමරය සුද්දයක් දී ගවුමක් ඇදගෙන පැනලා
Next Article යුක්රේන-ඊශ්‍රායල නායකයින් අතර හමුවක් ?