2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදීය.
ශ්‍රි ලංකාවේ ඉගෙනගන්නා ක්‍රමය මෙන්ම උගන්වන ක්‍රමය යන ද්විත්වයම වෙනස් විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකල හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා විශ්විද්‍යාල ජාත්‍යන්තරීකරණය කිරීමේ ව්‍යාපෘතියට අනුව ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති විදේශයන්හි සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉගැන්වීමට හා පර්යේෂණ කිරීමට ආරාධනා කර තිබෙන බව පැවසීය.