ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ 27 වැනි තරගය ලෙස ධරම්ශාලාහිදී ඊයේ (28) පැවැති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලකුණු 5 කින් නවසීලන්තය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
ඕස්ට්‍රේලියානු පිල මෙම වඩාත් තීරණාත්මක ජයග්‍රහණයත් සමග සහභාගි වූ තරග 6 යේදී තරඟ 4 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ශුද්ධ ලකුණු වේගය අනුව ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටියි.
නවසීලන්තය මෙම තරඟය පරාජය වුවද තරඟ හතරක් ජය ලබා ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ශුද්ධ ලකුණු වේගය අනුව තුන්වැනි ස්ථානයේ තව දුරටත් රැඳී සිටි.
ඕස්ට්‍රේලියානු පිල ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 388 (ඩේවිඩ් වෝනර් 81, ට්‍රෙවිස් හෙඩ් 109, මිචෙල් මාෂ් 36, ස්ටීව් ස්මිත් 18, මානස් ලැබුෂේන්18, ග්ලේන් මැක්ස්වෙල් 41, ජෝෂ් ඉන්ලිස් 38, පැට් කමින්ස් 37, ටේරන්ට් බෝල්ට් 77/3, මිචෙල් සැන්ට්නර් 80/2, ග්ලෙන් පිලිප්ස් 37/3) නවසීලන්ත පිල ඕවර 50 යේදී කඩුලු 9 ට 383 (ඩෙවෝන් කොන්වේ 28, විල් යංග් 32, රචින් රවීන්ද්‍රා 116, ඩැරිල් මිචෙල් 54, ටොම් ලෙතම් 21, මිචෙල් සැන්ට්නර් 17, ජේම්ස් නීෂම් 58, ජෝෂ් හෙෂල්වුඩ් 70/2, පැට් කමින්ස් 66/2, ඇඩම් සම්පා 74/3)