ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්රීඩාංගණයේදී ඊයේ (26) පැවැති තරඟයේදී ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 8 කින් එංගලන්ත පිල පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ.
ශ්රී ලංකා පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ දෙවැනි ජයග්රහණය මෙය වන අතර ශ්රී ලංකා පිල මෙම ජයග්රහණයත් සමග ප්රසාද ලකුණු 4 ක් සමගින් ලකුණු සටහනේ 5 වැනි පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.
ශ්රී ලංකාව මෙම ජයග්රහණයට පෙර ප්රසාද ලකුණු 2 කට – 1.048 ක ශුද්ධ ලකුණු වේගය සමගින් ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවිය. ශ්රී ලංකා පිතිකරුවෝ ලකුණු 154 ඉලක්කය ඕවර 25.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමෙන් ශුද්ධ ලකුණු වේගය – 0.205 ක් දක්වා ඉහළට ගෙන ඒමට සමත් වූහ.
පැතුම් නිස්සංක (නොදැවී 77) සහ සදීර සමරවික්රම (නොදැවී 65) තෙවැනි කඩුල්ලට ලකුණු 137 ක නොබිදුනු සම්බන්ධතාවක් පවත්වමින් ජයග්රහණය පහසු කළහ.
ලෝක කුසලාන එක්දින ක්රිකට් කිරුළේ ආසන්නතම හිමිකරුවන් වන එංගලන්තය, ශ්රී ලංකාව හමුවේ ලැබූ මෙම පරාජයත් සමග ප්රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා තල්ලු වීමෙන් අවසන් පූර්ව තරග බලාපොරොත්තු තවදුරටත් ඈත්විය.
එංගලන්ත පිල ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 156 (ජොනි බෙයාස්ටෝ 30, ඩේවිඩ් මලන් 28, මුයින් අලී 15, බෙන් ස්ටොක්ස් 43, කසුන් රාජිත 36/2, ඇන්ජලෝ මැතිව්ස් 14/2, ලහිරු කුමාර 35/3) ශ්රී ලංකා පිල ඕවර 25.4 කදී කඩුලු 2 ට 160 (පැතුම් නිස්සංක නොදැවී 77, සදීර සමරවික්රම නොදැවී 65, ඩේවිඩ් විලි 30/2)