අහුන්ගල්ල – ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මව පියා සහ මාස හතරක දරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් පියාට බරපතල තුවාල සිදුවූ මේ තිදෙනාම බලපිටිය රෝහල ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් කරාපිටිය රෝහලට මාරුකර යැවීමට පියවර ගන්නා බවද පොලීසිය කියයි.
වෙඩි වැදුනු තිදෙනාම අහුන්ගල්ල ප්රදේශයේ පදිංචිකරුවන් බවත් ෙ යතුරු පැදියකින් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ වෙඩි තැබීම සිදු කොට ඇති බව ද පොලීසිය කියයි.
දකුණේ පාතාල නායකයකුගේ කිට්ටුම ඥාතී පවුලකට මේ වෙඩි තැබීම සිදු කොට තිබෙන බව ද පොලීසිය කියයි.