අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඊයේ (10) තීරණය කළේය.
මේ අනුව එම අයදුම්පත් ඉදිරි සති අන්ත පුවත්පත්වල පළ කෙරෙනු ඇත.
පාලිමේන්තුවේදී මෑතකදී සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ අඩුපාඩු කිහිපයක් පවතින අතර එම අඩුපාඩු පනතට සංශෝධනයක් ගෙන විත් විසඳාගන්නා තුරු සාමාජිකයන් තෝරා ගැනීමේ කටයුතු සිදු කිරීමටද කොමිෂන් සභාව තීරණය කළේය.
මේ අතර පොලිස්පතිවරයාගේ ධූර කාලය අවසන්ව ඇතත් එම ධූරය සඳහා නාමයෝජනාවක් ඊයේ දිනයේ ඉදිරිපත් නොකෙරුණු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පවසයි.
පනතට සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10) රැස්විය.