ඊච්චන්කුලමේ සිදු වූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 09ක පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
ඊයේ (03) දහවල් ඊච්චන්කුලම වව්නියාව මාර්ගයේ පුදුකුලම් හන්දියේදී අතුරු මාර්ගයකින් පැමිණි යතුරුපැදියක් වව්නියාව දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ පිටුපස ගමන්කළ පිරිමි දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මියගොස් ඇති දරුවා වව්නියාව, පුදුකුලම් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරින් තවත් දැරියක් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.
මෘත ශරීරය වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ඊච්චන්කුලම පොලීසිය විසින් සිදුකරනු ලබයි.